Passport Size ෆොටෝ ලාබෙට Print කරගමු


ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ ආයි ආව බ්ලොග් එක පැත්තෙ. මගේ ඩොන්ගල් එක කැඩුන හන්ද බ්ලොග් එක update කරන්නත් බැරි උනා. මේ පැත්තේ ආව ගිය යාලුවන්ගෙන් මම සමාව ඉල්ලනවා. මේ ආවෙත් මගේ යාළුවෙක්ගෙන් ඩොන්ගල් එකක් ඉල්ලගෙන, ඩොන්ගල් එක ලෝබ නැතුව දුන් එතුමාටත් සිම් එක ලබාදුන්නු මෙතුමාටත් පිං සිදු වේවා. හික්ස්...



හරි දැන්, අපි මාතෘකාවට බහිමු, මං මේ ලිපියෙන් කියන්න යන්නේ ඊයේ මං අන්තර්ජාලය හරහා ලබාගත්තු ඉතා අනර්ග සේවාවක් ගැනයි. මගේ යාලුවෙක් මගෙන් උදව්වක් ඉල්ලුවා මචං මට පාස්පෝට් සයිස් එකේ ෆොටෝ ටිකක් හදල දීපන් කියල, ඒ ගමන් මං ෆෝන් එකෙන් මෑන්ස්ගෙ ෆොටෝ එකක් අරන් ලැපට දාගෙන ෆොටෝෂොප් වලින් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා හදාගෙන, පස්සේ 6R Size එකේ window එකක් open කරගෙන අර ෆොටෝ එකේ කොපි 6ක් ගන්න මාරම ට්‍රයි එකක් දුන්න, වැඩේ හරි ගියේම නෑ. හික්ස්, දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ලිපිය ලියන එකාගෙ ෆොටෝෂොප් පිළිබද දැනුම කොපමණ හොදයිද කියල, දුක තමයි මට තාම ඔය වැඩේ හරි හැටි කරගන්න තේරෙන්නේ නෑ, අනේ මගේ යාලුවෝ ෆොටෝෂොප් ගැන දන්නවනම් මට ඒ ගැන කියලා දෙන්න පුලුවන්ද, ඒ ගැන උගන්වන link එකක් හරි දන්නවනම් පහලින් comment කරලා යන්න, ලොකූ උදව්වක් !

මං වගේ ඉහත කාරණාව ගැන අදක්ෂයින්ට උදව් කරන්න මේ පහලින් දාල තියෙන web අඩවියෙන් ලොකු සේවයක් කරනවා. ඔයාලත් ගිහිල්ල බලන්න.



පහල රූප රාමු ටිකත් පොඩ්ඩක් බලන්නකෝ, කරන හැටි ගැන පොඩි idea එකක් ගන්න පුළුවන් වේවි.


1


2
  2 පරිදි, country, photo, print size සදහා අදාළ තොරතුරු ලබා දෙන්න. ඉන්පසු Choose File, click කර ඔබට අවශ්‍ය ෆොටෝ එක පරිගණකයේ save කර ඇති තැනින් තෝරන්න.ඉන්පසු upload click කරන්න, upload වූ පසු පහත 3හි මෙන් edit පිටුව ලැබේවි.

3

මෙහිදී ඔබට අවශ්‍ය පරිදි edit කර ගන්න.

4
 ඉන්පසු 4 පරිදි ඔබට වෙබ් අඩවිය මගින් ලබාදෙන download link එක ලැබෙන තුරු මිනිත්තු 2ක් රැදී සිටින්න.

5
 5 පරිදි download link එක ලැබුන පසු බා ගන්න.

ඊට පස්සේ ඉතින් ඕක ස්ටුඩියෝ එකකට දීලා ප්‍රින්ට් කරගන්න තමයි තියෙන්නේ, මගේ යාලුවට නම් ගියේ රුපියල් 22ක් පමණයි. ඔයාලටත් 30කට අඩුවෙන් කරගන්න පුළුවන් වෙයි. ඔයාලා දන්නවනේ ස්ටුඩියෝ එකකින් කරගත්තා නම් මේ වැඩේට කීයක් යනවද කියලා, 200ක් 250ක් නම් ගන්නවමනේ, ෆොටෝ ගාන වැඩිවෙන තරමට තව ගණන්. බලන්න මේ වැඩේ ඔයත් කරලා.

ස්තුතියි, තවත් ලිපියකින් නැවතත් හමුවෙමු, ඔබට ජය !

( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. වටිනා විස්තරයක් ස්තුතියි෴ ඔබට ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු අදහසට...

      Delete
  2. සමීර - ස්තුතියි යාලු.

    ReplyDelete

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.