වෙබ් අඩවි බ්ලොක් කරමු... - Web Blocker

කොහොමද යාලුවනේ, ගොඩ කාලෙකින්... මේ ටිකේ මට අබාගයක් තිබ්බ, අය්යෝ දන්නවනේ ඉතින් කප්පරකට වැඩ, මොළ ගෙඩිය කම්මලක් වගේ. තවමත් ඉවර උනේ නෑ, දවස් තුනක පුංචි බ්‍රේක් එකක් හම්බුනා. හිතුන පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ල බලන්න, යාළුවන්ට ඉලක්කය එපා උනාද දන් නැ, කිසිම අප්ඩේට් එකක් උනේ නැනේ ගොඩ කාලෙකින්, සමා වෙන්ඩ ඕනා...




අද මං ඔයාලට කියන්න යන්නේ, තවත් එක්තරා මෘදුකාංගයක් ගැනයි. මේක අන්තර්ජාලය භාවිතා කරන යාලුවන්ටමයි වැදගත් වෙන්නේ, මේකෙන් වෙන්නේ, ඔයාගේ අවශ්‍යතාවයට අනුව වෙබ් අඩවි බ්ලොක් කිරීම, මේ ක්‍රියාවලිය ගැන උනන්දු අය මේ දේ විවිධ අරමුණු සදහා යොදාගන්නවා.

විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී, අපට මතකයට එන්නේ, දෙමව්පියන් විසින් දරුවන් අන්තර්ජාලයේ අසැබි සහ හානිකර වෙබ් අඩවි වෙත පිවිසීම වළකාලීම. ඒ වගේම ලිමිටඩ් ඩේටා පැකේජ් එකක් භාවිතා කරන යාළුවන්ට වැඩි ඩේටා ප්‍රමාණයක් වැය වන youtube වැනි වෙබ් අඩවි වෙත අන් අය පිවිසීම වලකාලීම සදහා මෙම මෘදුකාංගය වැදගත් වේවි, ඔබගේ අනුදැනුමින් තොරව එවිට අන් අයගේ භාවිතය සිමා කිරීමට ඔබට හැකිවීම මෙමගින් ලැබෙන විශේෂ වාසියකි.

මෙම මෘදුකාංගය ඔබට නොමිලේ ලබාගත හැකියි, මෙවැනි අනෙක් බොහෝ මෘදුකාංග අධික මුදලක් ගෙවා ලබා ගැනීමට සිදුවන බව ඔබ දන්නවා ඇති. බලන්න ඔයත් මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන,


පහත රූප නැරඹීම මගින් ඔබට මෙම මෘදුකාංගයේ භාවිතය ගැන අවබෝධ කරගත හැකි වනු ඇති...

1

2

3

4

5

6

7

ස්තුතියි ! තවත් ලිපියකින් නැවතත් හමු වෙමු !

( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.