කලින් ලිපියෙන් උන පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ හදන්නේ, මං කලින් ලිපියෙන් කිව්වා, ඩොමේන් සඳහා සුවිශේෂී දීමනාවක් ගැන. දැන් ඩොමේන් ගත්තු අය ඉන්නවනම් සහ ඩොමේන් එකක් බ්ලොග් එකට රීඩිරෙක්ට් කරගන්න හැටි දැනගන්න කැමති අය ඉන්නවනම් මේ ලිපිය වැදගත් වේවි.
මං මුලින්ම කියන්න ඕනි, මම මේ ගැන පැහැදිලි කරන්න
බලාපොරොත්තු වෙන්නේ blogger.com හරහා බ්ලොග් කරන යාලුවන්ටයි.
ගුගල් හරහා custom domain එකක් බ්ලොගයට redirect
කිරීම.
මෙහිදී custom domain එකක් බ්ලොග් එකට රීඩිරෙක්ට්
කිරීම ඉතා පහසුවෙන්ම ඔබගේ blogger ගිණුම හරහාම ඉටු කරගැනීමට පිළිවන්, එහිදී ඔබට මේ
පිළිබඳ කිසිදු දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ, හේතුව ගුගල් ඔබ වෙනුවෙන් ඒ සේවාවන්
නොමිලයේම ඉටු කරදීම, සාමාන්‍යයෙන් ගුගල් හරහා ඩොමේන් එකක් ගැනීමේදී $ 10 ක් පමණ අය
කරනවා, ඒ සඳහා නම් ඔබ පහත සුළු පියවර කිහිපය අනුගමනය කිරීම මගින් එය කරගත හැකි
වේවි.
- ඔබගේ blogger ගිණුමට ලොග් වන්න.
- එහි settings කොටසට එන්න.
- එහි publishing යටතේ +Add a custom domain වෙත යන්න. 1 රූපය බලන්න.
1 |
- Buy a domain for your blog හි ඔබ මිලදී
ගැනීමට සුදානම් වන ඩොමේනය සඳහන් කරන්න.
- ඉන්පසු Check Availability වෙත යන්න. 2 රූපය බලන්න.
2 |
- ඇතුලත් කල නම තවමත් විකිණී නැතිනම් ඔබට ඊලග පියවර වෙත පිවිසී ඔබ සතු credit කාඩ් පත මගින් එය මිලදී ගත හැකිය. එය පහත 3 රූපය පරිදි ලැබේවි.
3 |
- ගනුදෙනුව අවසන් කල පසු නැවතත් බ්ලොගර් ගිණුමට
ලොග් වී settings වෙත පැමිණ ඉහත 3 පියවර නැවතත් කර Switch to advanced settings
ලින්කුව වෙත ගොස් ඔබ මිලදී ගත් ඩොමේනය නිවැරදිව සටහන් කර (www.example.com) ඉන්පසු Redirect example.com to www.example.com ටික්
කර save කරන්න.
- settings successfully saved ලෙස සටහන් වුයේ නම් ඔබ නිවැරදිව එය නිම කර ඇත.
ස්තුතියි. තවත් ලිපියකින් නැවතත් හමු වෙමු. ජය ශ්‍රී !!!
( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)
0 comments:
Post a Comment
යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.