කලින් ලිපියේ දෙවැනි කොටස මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නම්,
වෙබ් අඩවියකින් මිලදී ගත් custom domain එකක් බ්ලොගයට redirect කිරීම
ඔබ ඩොමේන් එකක් මිලදී ගත් පසු එය බ්ලොග් එක වෙත රීඩිරෙක්ට් කරගැනීම සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.
මේ සඳහා මා godaddy හරහා එය කල අකාරය විස්තර කරන්නම්.
1 |
2. ඉන්පසු ඔබට ගනුදෙනුව පිලිබඳ විස්තර, ඔබ ලබාදුන් email එක වෙත ඔවුන් යැවූ බව පවසාවි.
3. ඔබගේ email ගිණුමට ලොග් වී එම email එක කියවා, එහි ඔබගේ ඩොමේනය නමින් ඇති ලින්කුව වෙත යන්න. පහත 2 රූපයේ ඇති මා වෙත එලෙස ලැබුන email එක බලන්න.
2 |
4. එසේ නැත්නම් එහි ඇති customer number එක හා ඔබ ගනුදෙනුව අතරතුර සැදු godaddy ගිණුමේ password එක භාවිතා කර godaddy හි ඔබගේ ගිණුමට ලොග් වන්න. ඉන්පසු එහි domain යටතේ ඇති launch වෙත යන්න, පහත 3 රූපය බලන්න.
3 |
5. launch වෙත ගිය විට 4 රූපයේ ලෙසින් එවිට godaddy Control Panel එක ලැබේවි.
4 |
6. ඉන්පසු ඉහත රූපයේ ඊ හිසින් පෙන්වන පරිදි tools කොටසෙහි ඇති DNS Manager වෙත යන්න. පහත 5 රූපය බලන්න.
5 |
7. දැන් ඔබගේ බ්ලොගර් ගිණුමට ලොග් වී ( වෙනත් Tab එකක් භාවිතා කරන්න ) settings හි publishing හි Switch to advanced settings වෙත ගොස් මිලදී ගත් domain එක සදහන් කර save කරන්න, එවිට error page එකක් පහත 6 රූපයේ පරිදි ලැබේවි.
6 |
8. ඉන්පසු පහත 7 රූපයේ ඊ හිසින් පෙන්වන පරිදි Add Record වෙත ගොස් 8 රුපයේ පරිදි ලැබෙන වින්ඩෝ එකෙහි record type එකට CNAME යන්න දෙන්න,
7 |
8 |
9 |
9. ඉන්පසු ඉහත 9 රූපයේ පරිදි ඉතිරි හිස් කොටු ටික පුරවන්න. එනම්,
Enter An Alias Name : සඳහා www යන්නත්
Points to host name : සඳහා ghs.google.com යන්නත් සහ
TTL සඳහා 1 hour යන්නත් ලබා දෙන්න.
TTL සඳහා 1 hour යන්නත් ලබා දෙන්න.
මෙම තොරතුරු ඔබට 6 රුපයේ ඇති තොරතුරු බව පැහැදිලි වේවි.
10. දැන්, පහත 10 රූපයේ පරිදි කුඩා වින්ඩෝ එක ලැබේවි. එය ok කර save zone file වෙත යන්න. 11 රුපය බලන්න.
10 |
11 |
11. නැවතත් ඉහත 8 සහ 9 පියවර නැවතත් කරන්න, එහිදී හිස් කොටු සඳහා 6 රුපයේ පරිදි ඔබට ලැබුණු error page එකේ ඇති දෙවැනි තොරතුරු ඇතුලත් කරන්න. (එනම් ඉහත 6 රූපයේ නිල් පැහැයෙන් අඳුරු කර ඇති තොරතුරු පහත 12 රූපයේ නිල් පැහැයෙන් දක්වන කොටු තුල පුරවන්න.)
12 |
12. දැන් ඔබ godaddy හි සියලු සැකසීම් සාර්ථකව නිම කර ඇති.
නැවතත් ඔබ බ්ලොගර් ගිණුමේ settings->Publishing හි Switch to advanced settings ලින්කුව වෙත ගොස් ඔබ මිලදී ගත් ඩොමේනය නිවැරදිව සටහන් කර (www.example.com) ඉන්පසු Redirect example.com to www.example.com ටික් කර save කරන්න.
13. පහත 13 රූපය බලන්න.
13 |
14. settings successfully saved ලෙස සටහන් වුයේ නම් ඔබ නිවැරදිව එය නිම කර ඇත.
ස්තුතියි. තවත් ලිපියකින් නැවතත් හමු වෙමු. ජය ශ්‍රී !!!
( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)
එළකිරි විස්තරේ.............
ReplyDeleteස්තුතියි, සුගත්.
ReplyDeleteNiyama Post ekak.
ReplyDeleteHodata Kiyala Dila Thiyenawa.
Thank U Very Much Bro !! :D
** Free Download World - http://www.AllSevenNet.blogspot.com **