ඔන්ලයින් ඉඳන් වෙබ් පිටු PDF කරගන්න ඕනිද ?

   
සුභ දවසක් වේවා!, මට නම් අවුරුදු නිවාඩුව ලැබුනා, දැන් නම් ටිකක් විතර නිදහස්, මගේ යාළුවන්ට නම් සෑහෙන්න වැඩ ඇති නේද? ඉතින් අවුරුද්දට තව දවස් කිපයයිනේ තියෙන්නේ, අප්‍රේල් මාසේ ලියන පළමු ලිපිය තමයි මේක, මගේ යාලුවෝ සේරටම, ලබන්නාවූ අවුරුද්ද වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක්ම වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.

    මම මෙවර ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ, අන්තර්ජාලය භාවිතා කරන අතරතුර මට හමුවූ එක සුවිශේෂී වෙබ් සේවාවක් ගැන තොරතුරු ටිකක්.

     අපිට විවිධ අකාරයේ අවශ්‍යතා අන්තර්ජාලය පරිහරණය කරද්දී ඇතිවෙනවා, ඒ අතුරින් මට උවමනා උනා, එක් වෙබ් අඩවියක තිබු තොරතුරු PDF ෆයිල් එකකට save කරගන්න, ඒ ගැන හොයල බලද්දී තමයි ඉහත සේවාව සපයන වෙබ් අඩවිය මට හම්බුනේ...

 මෙම සේවාව මෙහිදී ක්‍රම කීපයකට ලබාගන්න අපිට පුළුවන්. කෙලින්ම ඔබට pdf ලබාගත යුතු වෙබ් පිටුවෙහි link එක ලබාදී pdf එකක් create කරගන්න පුළුවන් වගේම, ඔබ බ්ලොග් එකක් හෝ වෙබ් එකක් පවත්වාගෙන යන අයෙකු නම්, මෙහි ලබාදෙන අනෙක් සේවාවත් වැදගත් වේවි. මොවුන් ඔබගේ බ්ලොගයේ පලවන ලිපි නරඹන්නාට අවශ්‍ය නම් එවෙලේම එහි PDF ගොනුවක් ලබාගත හැකි ලෙසින් යෙදවුමක් මෙම වෙබ් අඩවියෙන් ලබා දෙනවා, පහත රූප රාමු වල අංක 7 සහ 8න් ඒ ගැන පැහැදිලි වේවි.

ඒ වගේම, මෙම සේවාව, ඔයාගේ බ්‍රව්සරේ addon එකක් විදිහටත් දා ගන්න පුළුවන්. එවිට ඔයාට මෙම වෙබ් අඩවියට නිතරම යන්න ඕනි වෙන්නේ නෑ. ඕනි කරන වෙබ් පිටුවෙදි install කරගත්තු addon එක මගින් ක්ෂණිකවම එහි pdf ගොනුවක් ලබාගන්න පුළුවන්.

 මෙන්න ලින්ක් එක... මෙවැනි උවමනාවක් ඔයාටත් ඇති උනා නම් ඔයත් ගිහිල්ල ඔයාගේ අවශ්‍යතාවය ඉටු කරගන්න... 

 පහත රූප රාමු ටික ටිකක් විපරමින් බලන්නකෝ, ඔයාට වෙබ් අඩවිය ගැන දළ අදහසක් ලබාගන්න පුළුවන් වේවි...

1


2


3
4
5
මේ පහලින් තියෙන්නේ එහෙම ලබාගත්තු pdf එකක් adobe reader එක හරහා open වෙලා තියෙන ආකාරය,..

6

7

8
ස්තුතියි. තවත් ලිපියකින් නැවතත් හමු වෙමු ! ඔබට ජය !!!

( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.