Youtube හරහා adsense ගමු




යු ටියුබ් හරහා adsense ගන්න දැන් කට්ටිය සෑහෙන ට්‍රයි කරන කාලයක්නෙ මේක. ඉතින් මමත් මීට දින කීපයකට ඉහතදී මේ ක්‍රමේට adsense ගත්ත, නමුත් ඉතින් මං ගත්තු දවසේ නම් කිසි අවුලකින් තොරවම ඒ වැඩේ කරගන්න හම්බ උනා,
මේ අවුලට හේතුව ඔයාල දන්නවනේ. මොකද ලංකාවට යු ටියුබ් Adsense කරන්න පහසුකම් තවම සලසලා දීලා නැහැ. ඒත් මං Account එක හදපු වෙලාවෙ මං කලේ email එකේ රට වෙනස් කරලා apply කරපු එක විතරයි, (මං ගත්තේ අලුත් gmail account එකකට නෙවෙයි, ගොඩක් පරණ එකකට) ඒත් දැන් එහෙම බැහැ, මං අද මගේ යාලුවෙක්ට Account එකක් හදලා දෙන්න ගියහම තමයි මේ ප්‍රශ්නෙට මුණ දුන්නේ, ඔන්න ඉතින් දැන් අපේ අතේ තියෙන අන්තිම තුරුම්පුව තමයි, IP එක වෙනස් කරලා යන එක. ඔව් ඒ ක්‍රමය සාර්ථක උනා. ඒ සඳහා මං යොදාගත්තු සොෆ්ට්වෙයා එක තිබ්බේ අපේ සිංහල යාලුවෙක් ලියපු බ්ලොග් එකක. කලබලේ හන්දම මට ඒ බ්ලොග් එකේ නම මතක නැහැ. සමාවෙන්න ඕනි. ඔයාලට ඒ සොෆ්ට්වෙයා එක මේ පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න පුළුවන්. 


සොෆ්ට්වෙයා එකේ Encripted Password එක විදිහට singingnet.com ලෙස දෙන්න.
ඔයාලට කරන්න තියෙන්නේ මේ පහත පියවර කිහිපය අනුගමනය කරන්න විතරයි.
  1. මුලින්ම අන්තර්ජාල සම්බන්ධතාවය සකසා IP hide සොෆ්ට්වෙයා එක run කර hide ip ක්ලික් කරන්න.

    1
  2.  ඉන්පසු සාමාන්‍ය පරිදි gmail account එකක් සාදන්න. එහි රට ලෙස United States ලබා දීම වඩාත් සුදුසුයි [default - එහිදී ඔයා IP සොෆ්ට්වෙයා එකේ ලබාදුන් රට සටහන් වේවි.]
  3. ඉන්පසු youtube.com වෙත ගොස් youtube channel එකක් හදන්න.
  4. ඊට පස්සේ ඉතින් හොඳ හොඳ videos ටිකක් upload කරන්න තමයි තියෙන්නේ.
  5. views 50ක් 60ක් වෙද්දී video manager -> channel settings ගිහින් monetize enable කරන්න. (මා ගාව තිබ්බේ නම් gmail එක වගේම ගොඩක් පරණ channel එකක්. මං ad ගත්තු video එකේ ඒ වෙද්දී Views 150ක් පමණ තිබ්බ.

    2

    3

  6. තවත් අලුතින් ඇතුලත් කරන Video එකකට ad දාන්න ඕනි නම් Video manager -> අදාළ වීඩියෝව තෝරා මෙනුවෙන් monetize දෙන්න. යොමු කල video එක adsense කොන්දේසි,අවශ්‍යතා සපුරයි නම් ඔයාගේ අරමුණ ඉටුවේවි.

    4
     
    5

  7.  වැඩේ හරිගියාම කලින් මේ විදිහට ලංකාවට බෑ කියපු එක

    6
    මේ වගේ ඇවිල්ල තියේවි.
    7

    8

    ඔයාලත් උත්සාහ කරලා බලන්න. මොන ක්‍රමෙන් හරි
    adsense නෙ දෙය්යනේ.... නේද ? දැනගත්තු දේ හැමෝම එක්ක බෙදාගන්න තමයි උත්සාහය, ඔයාලත් මේ පිළිබඳ දන්නා දේවල් comment කරලා ගියොත් අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. තාම මං adsense වලින් සතපහක් වත් අරගෙන නම් නෑ. අවුරුදු දෙකක් විතර තිස්සේ එක එක විජ්ජුම්බර දැම්ම, හරි ගියේම නෑ. adsense ඇයි අප්පා මෙච්චර ගණන්. 
ස්තුතියි, තවත් ලිපියකින් නැවත හමුවෙමු ! ජය ශ්‍රී !

( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments:

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.