මෙන්න සුපිරි Download Counter එකක්



මෙම ලිපියෙන් මම අද කියන්න යන්නේ අන්තර්ජාලය මගින් නොමිලයේ ලබාගත හැකි එක් විශේෂ සේවාවක් පිලිබදවයි. ඔයත් බ්ලොග් එකක් හරි වෙබ් එකක් හරි කරන කෙනෙක් නම් මේ තොරතුර වැදගත් වේවි. අපේ බ්ලොග් එකට එන පිරිස ගැන සංඛ්‍යාත්මකව දැනගන්න අපි කවුරුත් කැමතියිනේ. වෙන විශේෂ අරමුණක් තිබ්බත් නැතත් ආත්ම තෘප්තියට හරි ඒ දේට අපි කැමතියි. මේ කියපු සේවාවන් ලබාගන්න නම් අපිට ගොඩාක් වෙබ් අඩවි තියෙනවා. ඔයාල ගොඩ දෙනෙක් දැනටමත් ඒ සේවා භාවිතා කරනවත් ඇති.


මං ඒ පිළිබදව නෙවෙයි මේ කියන්න යන්නේ. හතර වරං ගහන්නේ නැතුව එහෙනම් කියපන්කො. නේද. හික්ස්. 

හරි ඔයාල ආසද ඔයාගේ බ්ලොග් එකේ තියෙන ලින්ක් එකක් මත කොටපු වාර ගාන ගැන තොරතුරු දැනගන්න. සාමාන්‍යයෙන් තාක්ෂණික තොරතුරු ගැන ලියවෙන බ්ලොග් වල නම් ලින්ක්ස් දානවමනේ. උදාහරණයක් විදිහට - Downloads Links. ඉතින් ඒ වගේ දාපු ලින්ක් එකක් හරි වෙනයම් ලින්ක් එකක් ගැන හරි නරඹන්නාගේ උනන්දුව පිළිබඳව අපිට මෙමගින් දැනගන්නට හැකියාව ලැබෙනවා. මේ ගැන තොරතුරු ලබාගැනීම සඳහා අපිට අදාළ සේවා සපයන අඩවියටම යන්න මේකෙදි ඕන වෙන්නේ නෑ. ඔයාගේ අඩවියේම ඒ ගැන තොරතුරු දක්වනවා. හරි මේ යටින් දාල තියෙන්නේ එම සේවාව සපයන අඩවියට සබැදියක්.

Download Counter Service


ඔය උඩ තියෙන ලින්ක් එකත් හදා ගත්තෙත් මේ සේවාව භාවිතා කරලා. ඉතින් වැඩේ කරගන්නේ මෙන්න මෙහෙමයි. 

ඉහතින් දක්වපු අඩවියට ගිහින් පහත රුපය ඇසුරුකරගනිමින් පියවර අනුගමනය කරන්න.

හොඳට බලාගන්න උඩ කොටන්න

  • මුලින්ම 1න් Download Counter, Shorten URL කියන එක තෝරාගන්න.
  • ඊළගට ඔයාට තොරතුරු උවමනා කරන ලින්ක් එක copy කරගෙන 2හි paste කරන්න.
  • ඊළගට 3හි ලින්ක් එක බ්ලොගයේ පෙන්වියයුතු වචනය ටයිප් කරන්න.
  • 5 හි ඇති තොරතුරු වෙනස් කරමින් 6හි ඇති Generate නමැති button එක click කරන්න. එවිට 8න් පෙන්වන අකාරයට අනුව ඔබ කැමති ක්‍රමය ගැන නිගමනය කර ගත හැකි වේවි.
(ඕනෑම ලින්කුවක් කෙටි කර ගැනීමට අවශ්‍ය නම් 10න් පෙන්වන Short URL එක ඔබට ඒ සඳහා භාවිත කළ හැකිය.)

ස්තුතියි. තවත් ලිපියකින් නැවතත් හමු වෙමු. ඔබට ජය !

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. තොරතුරට ස්තුතියි෴

    ReplyDelete
  2. Ranul, Sanjaya. ගොඩක් ස්තුතියි අදහස් දැක්වුවාට.

    ReplyDelete

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.