SEO ගැන දන්නවද ?



SEO කියලා කියන්නේ මොකද්ද ? 

     search engine optimization කියන වචන තුන කෙටි කරලා තමයි SEO කියලා පහසුවට හඳුන්වා ගෙන තිබෙන්නේ. අපිට මොනවා හරි දෙයක් ගැන search කරන්න ඕනි උනාම අපි කරන්නේ Google, Yahoo, Ask, Bin ඔය වගේ search engine එකක තොරතුරු ඕනි කරන වචන type කරලා හොයන එකනේ. ඉතින් ඔයාලා දන්නවද මේ සංසිද්දිය ඉතා ක්ෂණිකව අපි වෙනුවෙන් සිදු කරලා දෙන්න search engine හැඩ ගැසිලා ඉන්නේ කොහොමද කියලා. 


ඒ කියන්නේ,

SEO වල යාන්ත්‍රණය ?

       මේ search engine වල ඉන්නවා ගොඩාක් කඩිසරව වැඩ කරන කෙනෙක්. කොටින්ම කිව්වොත් තමන්ගේ search engine එකට කඩේ යන කෙනෙක්. එයාව එක එක search engine වල විවිධ  නම් වලින් හදුන්වනවා. පොදුවේ Robot, Bot කියලා කියනවා. මේ එක එක search engine වල එයාව හදුන්වන නම් කීපයක්,

Specific Search Robots:

Google - (googlebot)
Yahoo - (yahoo-slurp)
MSN Search - (msnbot)

Ask/Teoma- (teoma)
Cuil - (twiceler)
GigaBlast - (gigabot)
Scrub The Web - (scrubby)
DMOZ Checker - (robozilla)
Nutch - (nutch)
Alexa/Wayback - (ia_archiver)
 Baidu - (baiduspider)
 Naver - (naverbot, yeti)


Specific Special Bots:

Google Image - (googlebot-image)
Google Mobile - (googlebot-mobile)
Yahoo MM - (yahoo-mmcrawler)
MSN PicSearc - (psbot)
SingingFish - (asterias)
Yahoo Blogs - (yahoo-blogs/v3.9)



        කොහොම හැදින්නුවත් මෙයාලා කරන රාජකාරිය නම් එකයි. සයිබරය පුරා ඉන්න web අඩවි, blog අඩවි පුරා සැරි සරලා ඒවායේ තොරතුරු රැස් කිරීම තමයි මෙයාගේ ප්‍රධානම කාර්යය. ඒ වගේම ඒවායේ යාවත්කාලින වන අලුත් තොරතුරු පිළිබදව මෙයා නිරන්තරව ඇහැ ගහගෙන ඉදලා search engine එකට කේලම ගෙඩි පිටින් දෙනවා. ඉතින් මෙයා ලබා දෙන තොරතුරු ඒකරාශී කරගෙන විශ්ලේෂණය කරලා හැකි ඉක්මනට නරඹන්නාට දෙන්න search engine වග බලාගන්නවා. ඔය කියන දේ තමයි සිද්ද වෙන්නේ කවුරුත් ලොකුවට හදුන්වන SEO වලදි. මේ පහල රුපය බලන්න, මේකෙන් පැහදිලි වෙනවා SEO වල තියෙන වැදගත්කම.

        ලංකාවේ දැන් බ්ලොග් ලියන අය්යලා, මල්ලිලා, නංගිලා, අක්කලා ගොඩ දෙනෙක් ඉන්නවනේ. ඉතින් තමන්ගේ බ්ලොග් වලට, වෙබ් වලට මේ කියන SEO හරියට යොදා ගන්න හැටි ගැන මීළග ලිපි වලින් විස්තර කරන්න මං බලාපොරොත්තු වෙනවා.


ස්තූතියි. තවත් ලිපියකින් නැවතත් හමු වෙමු.
ඔබට ජය !



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.