Online Data Storage ගැන පුංචි විමසුමක්




       අන්තර්ජාලය මගින් සපයන සේවා රාශියක් තිබෙන බව ඔයාල දන්නවනේ. ඊමේල්, වෙබ්, බ්ලොග්, තොරතුරු සේවා ජාල, සමාජ සේවා ජාල, මිතුරු ජාල, ඔන්ලයින් මෘදුකාංග සේවා ජාල, වෙළද සේවා ජාල වගේ ඔය එකී නොකී හැම දෙයක්ම අසීමිතව හෝ යම් යම් කොන්දේසි වලට යටත්ව අපිට අන්තර්ජාලය භාවිතයෙන් ලබාගන්න පුළුවන්.


       ඉතින් මං මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ අපේ දත්ත, (video, audio, pictures, documents, softwares, project files) වගේ අපිට නිතරම ප්‍රයෝජනවත් වන දත්ත ගබඩා කරලා තියාගෙන නැවත ඒවා භාවිතා කරන්න අවසර දෙන සේවා සපයන වෙබ් අඩවි පිළිබදවයි.



              මෙම සේවාවන් ලබාගන්න අයගේ අවශ්‍යතා අනුව මේවා එකිනෙකට වෙනස් වෙනවා. සමහර අඩවි නොමිලයේ සේවා සපයනවා. ඒ වගේම අපිට එම සේවා ලබා ගැනීමේදී එම අඩවි වලට යටත් වන නොමිලයේ පහසුකම් සපයන සිමාවන් ඉක්මවා යන පරිදි සේවා අවශ්‍ය වන විටදී මුදල් ගෙවා එම සේවා ලබාගන්නට සිදු වනවා. බොහොමයක් අඩවි තම සේවා සදහා පාරිභෝගිකයා නැඹුරු කර ගැනීම උදෙසා නොමිලේ සේවා ලබා දෙන සීමාවන් නම් කරනවා.

          අපේ අවශ්‍යතා වලට අනුව මේ අඩවි පිළිබදව සන්සන්දනාත්මකව විමසා බලන විට ඒවායේ වාසි අවාසි හදුනාගන්නට පුළුවන්. උදාහරණ විදිහට,   

  • නොමිලේ ලබා දෙන දත්ත සිමාව (free data storage limit)
  • කාල සිමා අනුව භාගත කිරීමට ලබාදෙන අවසර සිමාව  (Bandwidth)
  • දත්ත ගබඩා කර තබා ගන්නා කාලය (time period of data storage)
  • දත්ත උඩ ගත කරන වේග සිමාව (upload speed)
  • දත්ත බා ගත කරන වේග සිමාව (download speed)
  • ක්ෂණික සබැදි සැපයීම (hot linking/direct linking)
  • වරකට උඩගත කළ හැකි ෆයිල් ගණන (number of files upload at once)
           ඉතින් මේ විදිහට සේවා ලබාදෙන වෙබ් අඩවි ගණනාවක්ම තිබෙනවා, මං ඒ අඩවි වලට සබැදි පහලින් සදහන් කරන්නම්. 

























   
           ඉදිරියේදී මෙම සේවා පිළිබදව වැඩිදුර තොරතුරු කියන්නම්. බලන්න ඔයාලත් මේ අඩවි වලට ගිහින් ඔයාගේ අවශ්‍යතාවට ගැලපෙන්නේ මොන සේවාවද කියලා. 
      
      තවත් ලිපියකින් නැවත හමු වෙමු, ඔබට ජය !

f

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.