කොහොමද බ්ලොග් එකට Template එකක් දාන්නේ ?




ඔන්න යාලුවනේ අද මං ඔයාලට කියන්න යන්නේ, බ්ලොග් එකට අලුතින් template එකක් දාගන්නා ආකාරය ගැනයි. blogger.com හරහා ගූගල් අය්යගේ බ්ලොග් එකක් පටන් ගත්තු යාලුවන්ටයි මේ ලිපිය. මං wordpress, webs.com, weebly.com වගේ අනෙක් blog platform ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ. 


මේ කියන්නේ බ්ලොගර් ගැන සියල්ල දත් කියල නම් නෙමෙයි ඔන්න. හික්ස්. 



අපි ඉතින් බ්ලොග් එකක් අමාරුවෙන් අටෝගත්ත ගමන් හැමෝම ට්‍රයි කරන්නේ තමන්ගේ බ්ලොග් එක වඩාත් ආකර්ශනීය විදිහට නරඹන්නාගේ සිත් ඇදගන්නා සුළු විදිහට ඉදිරිපත් කරන්නනේ,
ඉතින් අපිට bloggers ලා දෙන templates මෙලෝ රහක් නෑ කියලා ආයි අමුතුවෙන් කියන්න ඕනියැ. එහෙමනම් ඉතින් අපිට හොඳ template එකක් කොහෙන් හරි හොයා ගන්න වෙනවා. මේ පහල තියෙන්නේ, ඒ වගේ හොඳ template හොයාගන්න පුළුවන් වෙබ් අඩවි ටිකක්. ඔයාලත් මේ අඩවි වලට ගිහින් හොඳ template එකක් download කරගන්න.








ඔබ template එකක් download කරනවානම් එය xml වර්ගයේ එකක් වෙන්න ඕනි, මොකද blogger වැඩ කරන්නේ xml වර්ගයේ template සමග වීම.

දැන් ඔයා බාගත්තු template එක extract කරගන්න. 

දැන් ඔයාගේ බ්ලොගර් ගිණුමට ලොග් වෙලා එකේ template කොටසට එන්න. ඊට පස්සේ එහි දකුණේ උඩ තියෙන backup/restore click කරන්න. 1 රූපය බලන්න.


ඊට පස්සේ එන window එකේ choose file උඩ කොටන්න. 2 රූපය බලන්න. ඊට පස්සේ ඔයා අර කලින් බාගත්තු template එකේ xml file එක තෝරලා open කරන්න, 


xml ෆයිල් එක හොයාගන්න හැටි...

බලන්න ඔයා extract කරපු ෆයිල් ගොඩේ xml document වර්ගයේ ෆයිල් එකක් තියෙනවද කියලා. මේ පහල 3 රුපය බලන්න, එතකොට පැහැදිලි වේවි. xml වර්ගයේ ෆයිල් තමයි මේ වැඩේට ඕනි වෙන්නේ.


හරි දැන් ඒක ඔයාගේ බ්ලොග් එකට upload වේවි. මේ වැඩේට මිනිත්තුවක් වගේ කාලයක් ගතවෙනවා. ටිකක් ඉවසල ඉන්න, හරියට වැඩේ උනානම් template upload succesfully කියල වැටෙයි. බලන්න දැන් ඔයාගේ බ්ලොග් එකත් ලස්සනට හැඩ වැඩ වෙලාද කියලා.

තවත් ලිපියකින් නැවතත් හමු වෙමු. ඔබට ජය !


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.