Paypal එකට Credit කාඩ් එක ලින්ක් කරගන්නේ කොහොමද ?


         

 අන්තර්ජාලය තුලදී සිදුකරන ගනු දෙනු වලදී අප යොදාගනු ලබන වඩාත්ම ආරක්‍ෂිත ක්‍රමය වන්නේ පේපැල්ය. හේතුව අප යම්කිසි ගනුදෙනුවක් කෙලින්ම ක්‍රෙඩිට් කාඩ් එකකින් කරනවාට වඩා එය පේපැල් හරහා සිදුකිරීම මගින් ගනුදෙනුකරුවන්ට අපගේ තොරතුරු නොලැබීම මින් අපට ලැබෙන ප්‍රධානතම වාසියයි.
දැන් දැන්, අන්තර්ජාලය හරහා සිදු කරන ගනු දෙනු වලදී මාධ්‍යය වශයෙන් පේපැල් භාවිතා කරන ලෙස දැනුම් දෙනු ලැබෙනවා. මෙය ඉතා හොඳ ප්‍රවනතාවයක්. විශ්වසනීය ගනුදෙනුවක් ඉන් සිදු වීම නිසා දෙපාර්ශවයටම තෘප්තිමත් විය හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මේ සඳහා උදාහරණයක් ලෙස, බොහෝවිට ebay වෙබ් අඩවිය තුලදී සිදුකරනු ලබන ගනුදෙනු වලදී අපව අදාළ ගනුදෙනු වෙත විකිනුම්කරුත්, ගැනුම්කරුත් යන දෙදෙනාවම පේපැල් හරහා යොමු කිරීමට පෙළඹවීම දක්වන්නට පිළිවන්. ඔබ ebay හරහා ගනුදෙනු කරන්නෙක් නම් මේ පිළිබඳව ඔබ දැනටමත් දැනුවත් ඇති. එහි සිටින බොහෝ විකිණුම් කරුවන් අනුමත කරන්නේ පේපැල් ගනුදෙනු පමණක් බව ඔබට හමු වී ඇති.

         අතිශයින්ම වැදගත් වන මෙම ගනුදෙනු ක්‍රමය ගැන ඔබ දැනුවත් වී සිටීම වැදගත් වේ.
අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන හා කරන්නට බලාපොරොත්තු වන ඔබ හැම දෙනාටම මෙම ලිපිය වැදගත් වේවි. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පේපැල් ගිණුමට ක්‍රෙඩිට් කාඩ් එක ලින්ක් කරගන්න ආකාරය පිළිබඳව කතා කරන්නයි.
මෙහිදී අප පළමුවෙන්ම www.paypal.com වෙත ගොස් පේපැල් ගිණුමක් ඇරඹිය යුතු වේ. එය සාමාන්‍ය අයුරින් කල හැකිය.

Paypal ගිණුමක් හදා ගමු.

www.paypal.com -> sign up ->

2

     2 රූපයේ මෙන් Personal, Premier සහ Business අතුරින් Personal තෝරන්න. ඉන්පසු ඔබගේ තොරතුරු ඇතුලත් කර ගිණුම සකසා ගන්න. පහත රූප බලන්න.

3


4
ගිණුමේ වැඩ ටික ඉවර උනාම ඔයාගේ ඊමේල් එකට එවන msg එකේ ලින්ක් එකෙන් ඔයාගේ ඊමේල් Address එක Verify කරගන්න, ඊට පස්සේ මෙන්න මෙහෙම එයි.
5

Paypal ගිණුමට Credit කාඩ් එක ලින්ක් කරමු.
     
ගිණුම හදාගත්තට පස්සේ කරන්න තියෙන වැදගත්ම දේ තමයි දැන් කියන්න යන්නේ. අපට පේපැල් හරහා ගනුදෙනු කිරීමට නම් මුලින්ම අපගේ Credit කාඩ් එක පේපැල් ගිණුමට ලින්ක් කල යුතුය.
එය පහත පරිදි කල හැකිය.

              මේ සඳහා My Account -> Profile-> Add/Edit Credit Card තෝරන්න.

6

එහි card type හි ඔබගේ Credit කාඩ් එකේ වර්ගය ලබා දෙන්න. Visa එකක් සඳහා නම් පහත රූපයේ පරිදි විස්තර ලබා දිය යුතුයි.

7

ඉන්පසු Add Card වෙත යන්න, 

හරි දැන් ඔයා Credit කාඩ් එක ගිණුමට ඇතුලත් කරලා නම් ඉවරයි. ඒත් තවමත් වැඩේ ඉවර නැහැ. මේ ටිකත් ඊළගට කරන්න.

ආයිමත් ඔයා My Account – Overview කොටසට එන්න.

8

එහි ඇති Status – Unverfied  හි Get Verfied වෙත යන්න. එවිට පහත වින්ඩෝව ලැබේවි.

9

එහි ඇති ඔබගේ Credit Card එකට අදාළ තොරතුරු නිවැරදිව නැවතත් ඇතුලත් කරන්න. ඉන්පසු ඊලග පියවරේදී තොරතුරු නිවැරදි බව තහවුරු කරගෙන පහල ඇති Continue වෙත යන්න. 10 රූපය බලන්න.

10

සැ.යු. - මෙහිදී ඔබගේ ගිණුමෙන් $ 1.95 ක මුදලක් තාවකාලිකව අය කරනු ලැබේ. එය පසුව ගිණුමට බැර කෙරේ.

11

ඔබ ඉහත පියවර සාර්ථකව නිම කල පසු ඔබගේ Credit Card Center එකට ඇමතුමක් ගෙන paypal code එක ලබාදෙන්නැයි ඉල්ලන්න. එවිට ඔවුන් ඔබට අංක හතරක් අඩංගු paypal code එක ලබා දෙනු ඇති. එය නිවැරදිව සටහන් කරගන්න.

ඔබ නැවතත් ඔබගේ paypal ගිණුමට ලොග් වී ඔබ ඇතුලත් කල Credit card එක වෙත ගොස් ලබා ගත් Paypal code එක ඇතුලත් කරන්න. මෙම ක්‍රියාවලිය සාර්ථකව නිම කලේ නම් ඔබට පහත රූප රාමු පරිදි, (12,13 සහ 14) Account එක Verified බව දැක ගැනීමට හැකි වේවි.

12
13

හරි දැන් ඔයාටත් ලෝකයේ වඩාත්ම විශ්වාසවන්ත සහ ආරක්ෂිතම ගනු දෙනු ක්‍රමය භාවිතා කිරීමට හැකියාව ලැබී ඇතැයි මම විශ්වාස කරනවා.

14

ස්තුතියි ! තවත් ලිපියකින් නැවතත් හමු වෙමු. ජය ශ්‍රී !


( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.