Windows 8 වල Hibernate දා ගන්න හැටි


දැන් ගොඩ දෙනෙක් Windows 8 වලට මාරු වෙලාලුනේ. Windows 7 එක්ක වැඩ කරලා කරලා, එක පාරටම 8 වලට ආව ගමන් මට වගේම ඔයාලටත් පොඩි පොඩි අමුත්තක් තේරෙන්න ඇති. හික්ස්.


මේ ලිපියෙන් මං කියන්න යන්නේ ඒ වගේ එක අමුත්තක් ගැන. ඒ තමයි Windows 7 වල වගේ 8 වල Hibernate කියන Power Option එක Default Settings යටතේ නොමැති වීම. 



මෙන්න එහෙනම් ක්‍රමය. පහත පියවර ටික කරගෙන යන්නකෝ.
මුලින්ම ඔයාගේ Desktop එකේ පහලම තියෙන System tray icon ටික ගාවට යන්න, රූපය 1 බලන්න. 

1
ඒ අතුරින් බැටරි මාක් එක තියෙන icon එක උඩ click කරන්න, ඊට පස්සේ එන චුටි වින්ඩෝ එකේ More Power Options එකට යන්න. පහල 2 රූපය බලන්න.

2

මේ වින්ඩෝ එකේ වමේ තියෙන ලිස්ට් එකෙන් “Choose what the power button does”  කියන එක හරි “Choose what closing the lid does කියන එක හරි දෙකෙන් එකකට යන්න,


3

ඊට පස්සේ එන වින්ඩෝ එකේ “Change settings that are currently unavailable” click කරන්න. 3 රූපය බලන්න.ඊට පස්සේ ඒ වින්ඩෝ එකේම පහල තියෙන Shut down settings වලට ගිහිල්ලා, Hibernate එකට ටික් එකක් දාලා Save Changes ක්ලික් කරන්න. 4 සහ 5 රූප බලන්න.

4
5

දැන් වැඩේ හරි. බලන්න දැන් Power බටන් එකට ගිහිල්ල (6 රූපය) Hibernate ඇවිල්ලද කියලා.
 
6

වඩාත් හොඳින් තේරුම් ගන්න මේ වීඩියෝ එක බලන්න.



ස්තුතියි, තවත් ලිපියකින් නැවතත් හමු වෙමු. ජය ශ්‍රී !!!

( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.